අප ගැන - සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම වර්ෂ 1991 දී සංස්ථාපිත සමාගමක් බවට පත්විය.

මෙරට මුල්‍ය වෙළඳ පලේ ප්‍රමුඛ ආයතන හතරක් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හි කොටස් හිමිකාරීත්වය දරයි. ලංකා බැංකුව (44%), ශ්‍රී ලංකාඉන්ෂුවරන්ස් සමාගම (26%),Unit trust of India (17.5%),Carson Cumberbatch PLC(12.5%)

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම පහත සඳහාන් ව්‍යාපාරික ක්‍රියාවලින් සඳහා සම්බන්ධ වෙයි

- ඒකක භාරකාර අරමුදල් කළමණාකරණය

- ආයතනගත පාරිභෝගික වත්කම් කළමණාකරනය

- දේශිය සහ විදේශිය තනි පුද්ගල හෝ සංස්ථාගත ආයෝජකයින්ට උපදේශන සේවා සැපයීම.

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන හා මුල්‍ය වෙළඳ පළ සම්බන්ධයෙන් ගැඹුරු සහ පුළුල් දැක්මක් සහිතව කටයුතු කරයි.මෙම සමාගම ඒකක භාරකාර අරමුදල් ව්‍යුහගත කිරීම,ආයොජන උපදෙස් සැපයීම සහ සාමාන්යක කොටස් සහ ස්ථාවර ආදායම් සඳහා පාරිභෝගිකයින්ට වෙළඳ පළ විවෘත කරදීම ආදී කරුණු සම්බන්ධයෙන් මුලිකවී කටයුතු කරයි.

වටිනාකම් ඉලක්ක කරගත් අපගේ ආයෝජන දර්ශනය සහ ආයෝජන පිවිසුම පර්යේෂණ ක්‍රියාදාමයක ප්‍රතිපලයකි. අප කොටස් මිලදී ගන්නේ සාධාරන මිලගණන් යටතේ සහ ඉතා හොඳ පසුබිමක් සහිත ස්ථාවර අවස්ථාවලදී වීම විශේෂත්වයකි.ස්ථාවර ආදායම් කොටස් වල යම් අර්බුදකාරී අවස්ථාවලදී ප්‍රාග්ධන ආරක්ෂණය යොදාගනිමින් ආයෝජකයා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අප සතු තවත් විශේෂත්වයකි.

අපගේ සාර්ථකත්වයේ ප්‍රධානම සාධකයක් වනේ අප කාර්ය මණ්ඩලයයි. වගකිවයුතු සේවාදායකයෙකු ලෙස අප නිරතුරුවම අඛණ්ඩව කාර්ය මණ්ඩලයේ වෘත්තීයභාවය වර්ධනය කිරීමට සඳහා කැපවී කටයුතු කරමු.

සමාජමය වගකීම පෙරටු කරගත් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම කොටස් වෙළඳ පළේ ආයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ද මුලිකත්වය දී කටයුතු කරයි.මේ අනුව ගුරුවරුන්, පාසැල් සිසුන් සහ ආයෝජනය සම්බන්ධයෙන් උනන්දුවන අනිකුත් අය සඳහා වන පුහුණු වැඩසටහන්,වැඩමුළු ආදිය සංවිධානය කරයි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළඳ පළේ ද සහයෝගය ලබාගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කිරීම සිදුකරයි.

කොටස්කරුවන් පිළිබඳ තොරතුරු

ලංකා බැංකුව
www.boc.lk

රජයට අයත් ප්‍රමුඛතම වාණිජ බැංකුව වන්නේ ලංකා බැංකුවයි. රුපියල් බිලියන 1200 ක වත්කම් සහිත ලංකා බැංකුව මෙරට බැංකු වත්කම් වලින් 24% ක හිමිකාරීත්වය දරයි.එමෙන්ම ලංකා බැංකුවේ තැන්පතු වල පදනම රුපියල් බිලියන 842කි.1939 දී ස්ථාපිත කෙරුණු ලංකා බැංකුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන්නා බවට පත්ව සිටියි. වත්කම්, තැන්පතු සහ විදේශ විනිමය ප්‍රවේෂණ සඳහා ප්‍රමුඛත්වය දරයි.

ශාඛා 567 කින් සමන්විත ලංකා බැංකුව ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර 523ක් දේශියව පවත්වාගෙන යයි.එමෙන්ම ලන්ඩන්, මාලේ,චෙන්නායි සහ සීෂෙල්ස් යන නගරවල විදේශිය ශාඛා සහ ලොව පුරා නියෝජිත බැංකු 865ක් සමඟ කටයුතු කරයි.

Brand Finance Lanka විසින් 2013 සිට මේ දක්වා අඛණ්ඩව පස්වන වසරටත් ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස නම් කර තිබේ. ඊට අනුව ලංකා බැංකුවේ නාමික අගය රුපියල් බිලියන 24කි. Fitch Rating වාර්තා අනුව AA (lka) / Stable Outlook ලෙස නම් කර ඇති ලංකා බැංකුව ලොව විශාලතම බැංකු දහස අතුරින් එකකි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
www.srilankainsurance.com

1962 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වනවිට රජයට අයත් ප්‍රමුඛ තම මෙන්ම ස්ථාවර රක්ෂණ ආයතනය බවට පත්ව තිබේ.එහි වත්කම් ප්රාමාණය රුපියල් බිලියන 132 ක් වන වෙයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙරට විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි ආයතනයයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ජීවිත රක්ෂණ අරමුදලේ ප්‍රමාණය රුපියල් බිලියන 60 කි. එමෙන්ම ඔවුන් සතුව රුපියල් බිලියන 6ක ස්ථාවර ප්‍රාග්ධනයක් පවතියි.

රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 52 කට අධික පළපරුද්ද සහ දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලය මඟින් ශ්‍රී ලාංකිකයින්ට අනන්‍ය වු රක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව සිටියි. රුපියල් බිලියන 39.5ක් වු විශාලතම රක්ෂණ වන්දිය පිරිනමමින් සහ රුපියල් බිලියන 4.2ක මුදලක් ජීවිත රක්ෂණ සඳහා ප්‍රසාද දීමනා ලෙස ගෙවමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාර්තා අතරට එක්ව සිටියි.

Fitch Rating වාර්තා අනුව AA(lka) / Stable Outlook මෙන්ම මෙරට ශ්‍රේණිගත කිරීම් ආයතන වලට අනුව Stable Outlook සමඟ AAA ශ්‍රේණිගත කිරීම් අතරට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක්ව සිටියි.

Carson Cumberbatch PLC
www.carsoncumberbatch.com

Carson Cumberbatch PLC අග්නිදිග ආසියාව පුරා පැතිරුණු විවිධ ව්‍යාපාර සමුහයක එකතුවකි.Carson Cumberbatch PLC ප්‍රධානතම ව්‍යාපාර අතර අයෝජන ,මුල්‍ය සේවා, බියර්, පාම් ඔයිල් වගාව, මෙන්ම දේපළ වෙළඳාම් සහ හෝටල් යනාදිය ප්‍රධාන වෙයි. රුපියල් බිලියන 77 ක් පමණ වන සමස්ථ වාර්ෂික පිරිවැටුමක් සහිත Carson Cumberbatch PLC හි ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි පිහිටි වත්කම් වල එකතුව රුපියල් බිලියන 159 ක් පමණ වෙයි.කොළඹ කොටස් වෙළඳ පළේ 3% ක පමණ ප්රා ග්ධනයක් හිමි Carson Cumberbatch PLC කොළඹ මුල්‍ය වෙළඳපළේ 7 වන ස්ථානයේ ස්ථානගත කර තිබේ.

Unit Trust of India
www.utimf.com

ඉන්දියාවේ ඒකක භාරකාර කළමණාකාරීත්වයේ විශාලතම ආයතනයක් වන Unit trust of India වසර 30 කට අධික කාලයක් පුරා ඒකක භාර සංකීර්ණ 100 කට අධික ප්‍රමාණයක් කළමණාකරණය කර ඇති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමකි. මිලියන 9කට අධික ඒකක භාරකාර හිමිකරුවන් සහ ඇමරිකානු ඩොලර් බිලියන 11 කට අධික වත්කම් ප්‍රමාණයක් Unit trust of India සතුවෙයි. ඉන්දියාව පුරා සෑම තරාතිරමකම පුරවැසියන් ගේ අවශ්‍යතාවයට සරිලන ඒකක භාරකාර සංකීර්ණ Unit trust of India විසින් කළමණාකරණය කරයි.

UTI පොදු අරමුදල ඉන්දියාවේ ප්‍රධානතම රාජ්‍ය මුල්‍ය ආයතන හතර හා ඒකාබද්ධ වී ඇති අතර, ඉන්දීය රාජ්යව බැංකුව, ලයිෆ් ඉන්ෂුවරන්ස් කෝපරේෂන් සහ බරෝඩා බැංකුව මෙන්ම පන්ජාබ් නැෂනල් බැංකුව ද UTI හි ප්‍රාග්ධනයේ කොටස්කරුවෝ වෙති.

අධ්‍යක්ෂ මණ්ඩලය

මුල්‍ය ක්ෂේත්‍රයේ දේශිය මෙන්ම විදේශීය අත්දැකීම් රැසකින් සමන්විචත පළපුරුදු අධ්‍යක්ෂවරුන් 8 දෙනෙකුගෙන් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සමන්විත වෙයි.

පාලිත පැල්පොල මහතා - සභාපති

ආරක්ෂක අමාත්‍යංශයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස කටයුතු කරන පාලිත පැල්පොල මහතා සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වෙයි.

මහවැලි සංවර්ධන, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වරයා ලෙස කටයුතු කර ඇති පාලිත පැල්පොල මහතා, මහවැලි ආර්ථික ඒජන්සියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් ද ,මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද, වතු කර්මාන්ත අමාත්‍යවරයාගේ විශේෂ උපදේශකවරයා වශයෙන්ද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කර තිබේ. හිටපු අමාත්යය ගාමිණී දිසානායක මහතා විපක්ෂ නායක ධුරය දරන සමයේ විපක්ෂ නායකවරයාගේ ලේකම් වරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

ලීඩර් ප්‍රකාශන ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයෙකු ද වන පාලිත පැල්පොල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය උපදේශකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. එමෙන්ම ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා ඇමරිකාවේ, කැලිෆෝනියා ,ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා පදනමේ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.

චිත්‍රා සත්කුමාර මහතා - ප්‍රධාන විධායක නිලධාරි / විධායක අධ්‍යක්ෂ

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම

සත්කුමාර මහතා සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස වසර 2000 සිට කටයුතු කරයි.1993 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට එක්වු සත්කුමාර මහතා වසර 7ක් තුළ අරමුදල් කළමණාකරු තනතුරට උසස් විය. වර්තමානයේදී කළමණාකාර කණ්ඩායමේ ප්‍රධානියා වන සත්කුමාර මහතා ආයෝජන ක්‍රමෝපාය සැලසුම්කරණය, වත්කම් කළමණාකරණය යනාදී රාජකාරි සඳහා නායකත්වය සපයයි.

ද ෆිනෑන්ස් සමාගමේ ආධුනික කළමණාකාරවෙකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹූ සත්කුමාර මහතා මුල්ය සේවා ක්ෂේත්‍රයේ වසර 25 කට අධික පළපුරුද්දක් ලබා තිබේ. එම කාලය තුළදී කළමනාකරණයේ තනතුරු කිහිපයක් දරමින් අලෙවි සහ අරමුදල් කලමණාකරණය මෙන්ම මෙහෙයුම් පිලිබඳව ප්‍රවීණත්වයක් ලබා තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙක් වන සත්කුමාර මහතා ඇමරිකාවේ ෆෝඩ්හැම් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇත. තවද ඉන්දියාවේ UTI ආයතනයේ ප්‍රාග්ධන වෙළඳ පළේ අරමුදල් කළමණාකරණය සම්බන්ධ පාඨමාලාවක් ද හදාරා තිබේ.

සිංගප්පූරු ජාතික සරසවියේ NUS ව්‍යාපාරික අධ්‍යනාංශයේ කළමණාකාරණ පාඨමාලාවක් ද හදාරා ඇති සත්කුමාර මහතා වරලත් මුල්‍ය විශ්ලේෂක විභාගයේ (CFA) ප්‍රථම අදියර සම්පුර්ණ කර ඇත.

මනෝ සෙල්වනාදන් මහතා - උප සභාපති

වාණිජවේදී උපාධිධරයෙක් වන මනෝ සෙල්වනාදන් මහතා ශ්‍රී ක්‍රිෂ්ණ පුද්ගලික සමාගම, සිලෝන් ෆයිනෑන්ස් ඇන්ඩ් සිකියුරිටීස් පුද්ගලික සමාගම, සෙලින්සින් පුද්ගලික සමාගම යන සමාගම් වල සභාපතිවරයා වෙයි. එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව සහ ඉන්දියාවේ පිහිටි Carson Cumberbatch සමුහයට අයත් සමාගම් රැසක අධ්‍යක්ෂවරයකු ද වේ. තව ද විධායක කළමණාකාරුවන්ගේ සංසදයන් හි ක්‍රියාකාරී සාමාජිකයකු ද වන මනෝ සෙල්වනාදන් මහතා සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති සෙල්වනාදන් මහතා ඉන්දු ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ද සභාපති ධුරය දරා තිබේ. එමෙන්ම කොළඹ උතුර රොටරි සමාජයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති සෙල්වනාදන් මහතා චිලී රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් ද සේවය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ප්‍රධානය කරනු ලබන මෙරට උසස්ම ගෞරව නාමයක් වන “දේශමාන්‍ය “ ගෞරව නාමයෙන් වසර 2005 නොවැම්බර් මාසයේදී මනෝ සෙල්වනාදන් මහතා පිදුම් ලැබීය. එමෙන්ම ඉන්දීය ජනපති විසින් පිරිනමන “PRAVASI BHARATIYA" සම්මානයද වසර 2011 ජනවාරි මාසයේදී සෙල්වනාදන් මහතාට හිමිවිය.

තව ද චීලී රාජ්‍යයෙන් පිරිනමන "ORDER OF NIGHT COMMANDER" ගෞරව නාමය ද වසර 2013 ඔක්තෝබර් මාසයේදී සෙල්වනාදන් මහතාට පිරිනැමුණි.

ඩී. එම් ගුණසේකර - සමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි

රාජ්‍ය මුල්‍ය සහ බදු සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් සහ AIB (Srilanka), AMP 63 (Wharton USA) සුදුසුකම් ලත් ඩී. එම් ගුණසේකර මහතා වසර් 2013 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හි සමාන්‍යාධිකාරි ධුරයට පත්කෙරිණ. එතෙක් නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ධුරය දැරූ ඒ මහතා 2010 -2013 අතර කාලයේදී පාරිභෝගික බැංකු කටයුතු අලෙවි සහ නාලිකා කළමණාකාරණ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

පාරිභෝගික බැංකු නිලධාරියකු ලෙස වර්ෂ 1993 දී බැංකුවට එක්වු ගුණසේකර මහතා ණය කළමණාකරණය සහ පරිපාලනය පිළිබඳව ද මනා පළපුරුද්දක් සහ අත්දැකීමක් ලබාගැනීමට සමත්ව තිබේ.වසර 1997 සිට 2000 දක්වා ලන්ඩනයේ ලංකා බැංකු ශාඛාවේ සේවය කළ ඒ මහතා ජාත්‍යන්තර බැංකු මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ද මනා පළපුරුද්දක් ලැබීය. ගුණසේකර මහතා ජාත්‍යන්තර බැංකු හා මුල්‍ය කටයුතු මෙන්ම සමාගම් බැංකුකරණය සම්බන්ධයෙන් ද වසර 31 කට අධික පළපුරුද්දක් ලබා සිටියි.

ඩී. එම් ගුණසේකර මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව ,BOC ට්‍රැවල්ස් පුද්ගලික සමාගම, BOC ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම, ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම , BOC මැනේජ්මන්ට් ඇන්ඩ් සපොර්ට් සර්විසස් පුද්ගලික සමාගම, බෑන්ක් ඔෆ් සිලොන් (එක්සත් රාජධානි) සමාගම,සී බෑන්ක් හොලිඩේ හෝම්ස් පුද්ගලික සමාගම,සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම,හොටෙල්ස් කලම්බු සමාගම,ණය තොරතුරු කාර්යංශය,ලංකා ෆයිනෑන්ෂල් සර්විසස්,ලන්කා ක්ලියර් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය (ගරන්ටි) සමාගම,යනාදී ආයතනවල විධායක නොවන නාමික අධ්‍යක්ෂ තනතුරු හොබවයි.

ශ්‍රී ලංකාවේ සමාගම් කළමණාකරණය සම්බන්ධයෙන් වැඩසටහනක් සම්පුර්ණ කර ඇති ගුණසේකර මහතා, ඇමරිකාවේ පෙනිසියුලා සරසවියේ උසස් කළමණාකරණ වැඩසටහනක් ද සම්පුර්ණ කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන ඒ මහතා වර්ෂ 1981 දී රාජ්‍ය මුල්‍ය සහ බදුකරණය සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් ලබා ඇත.

එස්. එම්. එස්. සී. ජයසූරිය මහතා - නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - ජාත්‍යන්තර සහ වත්කම්

වර්ෂ 2103 සිට මුල්‍ය හා සැලසුම් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරයා වශයෙන් කටයුතු කරන එස්. එම්. එස්. සී. ජයසූරිය මහතා ඊට පෙර නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ( ආයෝජන බැංකු සහ වත්කම් ) තනතුර දරා තිබේ. එමෙන්ම ඒ මහතා ප්‍රාථමික ගණුදෙනුකරුවන්ගේ ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කර තිබේ.

බැංකුකරණයේ වසර 27 කට අධික පළපුරුද්දක් සහිත ජයසූරිය මහතා වත්කම් සම්බන්ධයෙන් වසර 22ක පළපුරුද්දක් දරයි. අභ්‍යන්තර බැංකු කටයුතු වල නිරතවි සිටි ජයසූරිය මහතා පසුව වත්කම්, ආයෝජන සහ ජාත්‍යන්තර බැංකු කටයුතු සම්බන්ධයෙන් ප්‍රවීණයකු බවට පත්විය. වත්කම් අංශය සම්බන්ධයෙන් කැපී පෙනෙන දක්ෂතාවක් දක්වන ජයසූරිය මහතා විදේශ විනිමය ආදායම මත ද්‍රවශීලතා කළමණාකරණය සම්බන්ධයෙන් මනා කුසලතා දක්වා තිබේ. චෙන්නායි හි ලංකා බැංකු ශාඛාවේ වත්කම් ප්‍රධානියා ලෙස 1997 සිට 2000 දක්වා කටයුතු කර ඇති ඒ මහතා මේ වන විට බැකුවේ ආයෝජන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.එමෙන්ම බැංකු විශ්‍රාමික අරමුදලේ සහ සකසුරුවම් අරමුදලේ ආයෝජන කමිටු සාමාජිකයෙකු ද වෙයි.

වසර 1979 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලැබූ ඒ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ ප්‍රමුඛ සාමාජිකයෙකි. වරලත් ගණකාධිකාරී ආයතනය හෙවත් CIMA ආයතනයේ සාමාජිකයෙක් ද වන ජයසූරිය මහතා වරලත් ගණකාධිකාරී ගෝලීය (CGMA) ආයතනයේ ද සාමාජිකයෙකි . එමෙන්ම හෙතෙම Charted Shipbrokers (MICS)(UK) හි ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. බැංකුව හා සම්බන්ධවීමට පෙර ලංකා නැව් සංස්ථාවේ සහකාර කළමණාකරුවෙකු ලෙස වසර 5ක කාලයක් සේවය කර තිබේ.

2012 සහ 2013 අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 500ක බැඳුම්කර නිකුතුවේදී කැපී පෙනෙන මෙහෙවරක් ජයසූරිය මහතා ඉටුකර තිබේ. එමෙන්ම ලංකා බැංකුවේ ණයකර නිකුතුව ආදී කටයුතු වලදී ජයසූරිය මහතා සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ සබඳතා උපයෝගී කරගනිමින් කටයුතු කර තිබේ.

එම්. එස්. පී. ආර්. පෙරේරා මහතා

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂවේදී උපාධියක් ලබා ඇති පෙරේරා මහතා කොළඹ සරසවියෙන් එම් බී ඒ උපාධිය ද කැලණිය සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලබා සිටියි. එමෙන්ම ඒ මහතා FCA,FCMA,PG සහ සංස්ථා මුල්‍ය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකි.

රංජිත් පෙරේරා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (මුල්‍ය) ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකකත්වය දරන ඒ මහතා ශ්‍රී ලංකාවේ සහතිකලත් ගණකාධිකාරී කළමණාකාරීත්ව ආයතනයේද සාමාජිකත්වය දරයි. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ විධ්‍යාවේදී උපාධියක් හිමි පෙරේරා මහතා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඇත්තේ කොලඹ සරසවියෙනි.එමෙන්ම ඒ මහතා කැලණිය විශ්ව විද්යාාලයෙන් ශ්‍රාස්රපති උපාධිය ලබා තිබේ. ගිණුම්කරණ, මුල්යම සහ ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වසර 34 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර ඇති ඒ මහතා සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 2004 සිට කටයුතු කරයි.

බී. බාබුරාඕ මහතා

Unit trust of India හි මුල්‍ය ප්‍රාග්ධන වෙළෙඳ පල සහ අරමුදල් කළමණාකරනය සම්බන්ධයෙන් වසර 26කට අධික සේවා පළපුරුද්දක් හිමි බී බාබු රාඕ මහතා UTI ඇසෙට් මැනේජ්මන්ට් සමාගම වෙනුවෙන් එහි නියෝජිතයා ලෙස කටයුතු කරයි.

බී. බාබුරාඕ මහතා Unit trust of India හි කටයුතු කරන අතරතුර විවිධ ව්‍යාපෘති හා පැවරුම් රැසක් සාර්ථකව නිම කර තිබේ. ව්‍යාපෘති මුල්‍ය ආයෝජන කළමණාකරණ, විදේශිය අරමුදල්, පුද්ගලික ද්‍රවශීලතා අරමුදල්, සහ අයෝජන සබඳතා සම්බන්ධ පැවරුම් ඒ අතර වෙයි.

Unit trust of India සමඟ සම්බන්ධ වීමට පෙර බාබුරාඕ මහතා ලාසන්ස් ඇන්ඩ් ටර්බෝ සමාගමේ වසර 6ක කාලයක් කටයුතු කර තිබේ.

ඉංජිනේරු උපාධිධාරියෙක් වන බාබු රාඕ මහතා අහමදාබාද් හි පිහිටි ඉන්දීය කළමණාකාරීත්ව ආයතනයෙන් සිය එම් බී ඒ උපාධිය සම්පුර්ණ කර ඇත.

ජී. ඒ ජයශාන්ත මහතා

වර්ෂ 1997 දී බැංකුව හා එක්වූ ගොඩකන්ද ආරච්චිගේ ජයශාන්ත මහතා වසර 18ක කාලයක් බැංකු සේවයේ නිරත වෙයි. බැංකු, ණය, වත්කම්, හා අවධානම් කළමණාකරණය සම්බන්ධයෙන් හසල දැනුමක් සහ පළපුරුද්දක් ඒ මහතා සතුවෙයි. සිය සේවා කාලයෙන් වසර 10 කට අධික කාලයක් ජයශාන්ත මහතා සේවය කලේ වත්කම් අංශයේ වීම විශේෂත්වයකි.

ජයශාන්ත මහතා මේ වනවිට සහකාර සමාන්‍යාධිකාරි (අවධානම් කළමණාකරණ) ලෙස කටයුතු කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණය සම්බන්ධයෙන් පළමු පන්තියේ උපාධිධරයෙක් වන අතර මුල්යර ආර්ථිකය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්යාරලයෙන්ද උපාධියක් ලබා ඇත.

ජයශාන්ත මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.

ඒ වීරතුංග මහතා (විකල්ප අධ්‍යක්ෂ)

Carson Cumberbatch PLC හි කළමණාකරන සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් සහ Carsons Management Service (Private)Limited ගිණුම් ප්‍රධානියා වන අජිත් වීරතුංග මහතා ඉක්වෙටි 01 සහ ඉක්වෙටි 02 හි අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරයි. එමෙන්ම Carson Cumberbatch PLC හි සමුහ ආයෝජන සහිත සිලෝන් ඉන්වෙස්මන්ට් සමාගම, රබර් ආයෝජන භාරය, ගාඩියන් ෆන්ඩ් මැනේජ්මන්ට් සමාගම, සහ හෝටල් ක්ෂේත්‍රයේ ඉක්විටි හෝටල් සමාගම යන ආයතනවලද අධ්‍යක්ෂවරයෙක් වෙයි.

ගිණුම් හා වෙළඳ අංශයේ වසර 34 ක පමණ අත්දැකීම් ඇති අජිත් වීරතුංග මහතා ලංකා වෝල්ටයිල්ස්, යුනියන් ඇපරල්ස් පුද්ගලික සමාගම, ජෝන් කීල්ස් සමූහය, පීනික්ස් ඉන්ඩස්ට්රී්ස් සමාගම, සහ සිලොන් බෙවරේජස් හොල්ඩින්ග්ස් යන සමාගම් වල කළමණකාරන වගකීම් දරා තිබේ.

එක්සත් රාජධානියේ ගිණුම් කළමනාකාරණ වරලත් ආයතනයේ සාමාජිකයෙක් වන ඒ මහතා ගෝලීය ව්‍යාපාර මුල්‍ය සහයෝගය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් නිපුණයෙකි.

ආයෝජන උපදේශක මණ්ඩලය

ගෝලීය ව්‍යාපාර සහ මුල්‍ය සහාය පිලිබඳව හසල දැනුමක් හා අවබෝධයක් සහිත විශේසඥයින් පිරිසකගෙන් සැදුම් ලත් ආයෝජන උපදේශක සභාව පවතින ආර්ථික වටපිටාව පිළිබඳ විමසා බලා ආයෝජනය සම්බන්ධයෙන් මඟපෙන්වීම් සිදුකරයි.

ටෙනිසන් රොද්‍රිගු මහතා

කැපිටල් ඩිවෙලොප්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් පුද්ගලික සමාගමේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයා වන ටෙනිසන් රොද්‍රිගු මහතා Cumberbatch Stockborkers (pvt) Ltd හි CDIC අංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.එමෙන්ම ඊගල් ඉන්ෂුවරන්ස් සමාගමේ විගණන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ටෙනිසන් රොද්‍රිගු මහතා ගුඩ් හෝප් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වරයෙකි.එමෙන්ම ටෙනිසන් රොද්‍රිගු මහතා Carson Cumberbatch PLC සමාගමේ විශේෂඥ උපදේශක වරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම සම සාමගමට අයත් ඉඩම් සහ දේපළ, හෝටල සහ ගුවන් යානා,ආයෝජන හා මුල්යි සේවා සමාගම් වල විගණන කමිටු සාමාජිකයෙකු ද වෙයි.

එවක පැවැති ලංකා විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යාව සහ ගණිතය සම්බන්ධ උපාධියක් ලබා ඇති ටෙනිසන් රොද්‍රිගු මහතා ඔස්ට්රේිලියාවේ නිව් සවුත් වේල්ස් සරසවියෙන් රසායන ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ගෞරව උපාධියක් ද ලබා ඇත. ඒ මහතා එක්සත් රාජධානියේ වරලත් ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ ද සාමාජිකත්වය දරයි.

හැරී සෙල්වනාදන් මහතා

Bukit Darah PLC හි සභාපති වරයා වන හැරී සෙල්වනාදන් මහතා Carson Cumberbatch PLC සහ Good Hope Asia Holdings Ltd හි උප සභාපති වරයා ය. එමෙන්ම ඔහු ඉන්දුනීසියාවේ පාම් තෙල් සමබන්ධ සමාගම් පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි. කාසන්ස් සමුහු ව්‍යාපාරයේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂධුර ද හැරී සෙල්වනාදන් මහතා විසින් හොබවයි.එමෙන්ම ඒ මහතා Sri Krishna Corporation (Private)ltd හි අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන අතර එක්ස්ප්රෙස් නිවුස්පේපර්ස් පුද්ගලික සමාගමේ සභාපතිත්වය දරයි.එමෙන්ම ඒ මහතා Carsons Management Service (Private) Limited හි සහ Agro Harpan Lestari (Private) Limited හි ද සභාපතිත්වය දරයි. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති වරයකු වන හැරී සෙල්වනාදන් මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ශ්‍රී ලංකා )හි හිටපු උප සභාපතිවරයෙකි.

භාණ්ඩ අලෙවිය සහ ජාත්‍යන්තර වෙළඳ පල පිළිබඳව වසර 20 කට අධික පළපුරුද්දක් හැරී සෙල්වනාදන් මහතා සතුවෙයි.

ඒ මහතා වාණිජවේදී උපාධිදධරයෙකි.

එස්. එන් .පී පලිපාන

ලංකා බැංකුවේ හිටපු සමාන්‍යාධිකාරිවරයෙකු වන පලිපාන මහතා DFCC බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වරයෙකි.වසර 40කට අධික කාලයක් බැංකු ක්ෂේත්‍රයේ හසල පළපුරුද්දක් පලිපාන මහතා සතුවෙයි.EB Creasy & Company PLC හි අධ්‍යක්ෂවරයෙක් වන එස්. එන් පලිපාන මහතා එහි සමූහ සමාගම් වන Colombo fort Land & Building PLC,Softlogic Finance PLC,SMB Leasing PLC, සහ හයිඩ්රහමනි සමූහ ව්යාbපාරයේ සමාගම් කිහිපයක ද අධ්‍යක්ෂධුරය හොබවයි.

එක්සත් රාජධානියේ බැංකුකරුවන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකු වන පලිපාන මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.ඒ මහතා මේ වනවිට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි ඒ මහතාට එම ආයතනයේම ව්‍යාපාර සහ මුල්යප පරිපාලනය සම්බන්ධ පශ්චාත් උපාධියක් හිමිය.

අපගේ සහකරුවන්

ඒකක සහ වත්කම් සුරක්ෂිත කිරීම සඳහා පිළිගත් මුල්‍යායතන කිහිපයක් අපගේ සහකරුවන් ලෙස කටයුතු කරයි

රජයට අයත් මෙරට ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව (AAA lka) සහ ලංකා බැංකුව (AA+lka) සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ ඒකක භාරකාර අරමුදල් වලට සුරක්ෂිත භාවය සපයයි. එමෙන්ම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඇතැම් පෞද්ගලික භාරකාර ගිණුම් සඳහා සුරක්ෂිත භාවය ලබාදෙයි.

අරමුදල් කළමණාකරණ කණ්ඩායම

අරමුදල් කළමණාකරනය සම්බන්ධයෙන් හසල දැනුමක් සහ පළපුරුද්දක් සහිත සුදුසුකම් ලත් කණ්ඩායමක් මේ සඳහා යොදවා තිබේ.මෙම කණ්ජායම දෛනිකව ආයෝජන සමීක්ෂණ සිදුකරමින් , ආයෝජන කළමණා කරන රීතින් අනුගමනය කරමින් , සිය කාර්ය භාරය අකුරට ඉටුකරමින් සිටියි.

මෙම කණ්ඩායම අරමුදල් කළමණාකරණය පිළිබඳව මනා පුහුණවක් සිය රැකියා ක්ෂේත්ර ය තුළදී ලබාගනියි. විශේෂයෙන් අයෝජන කළමණාකරනය, වෙළඳ මෙහෙයුම් ආදී පුළුල් පරාසයක් පිලිබඳව පුහුණුව ඉන්දියාවේ UTI සමඟ කටයුතු කිරීමෙන් මෙම කණ්ඩායම ලබාගනියි. මෙම ආයෝජන අංශය අවශ්‍ය තාක්ෂණය පිළිබඳ අත්දැකීම් ලත් පළපුරුදු කුසලතාවලින් හෙබි ජ්‍යෙෂ්ට කළමනාකාරවරුන්ගේ යටතේ පවත්වාගෙන යන අතර එම මෙහෙයුම් කටයුතු අරමුදල් කළමණාකාර වරයා විසින් අධීක්ෂණය කරයි.

එමෙන් ම ඉන්දියාවේ UTI හි විශේෂඥයින් විසින් වරින් වර මෙම කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යය ද සිදු කරයි.

චිත්‍රා සත්කුමාර - ප්‍රධාන විධායක නිලධාරි / විධායක අධ්‍යක්ෂ

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වරයා වන චිත්‍රා සත්කුමාර මහතා කළමනාකාරණ කණ්ඩායම මෙහයවනු ලබයි.ඒ අනුව ආයෝජන ක්‍රමෝපාය විධිමත් කිරීම, වර්ධනය කිරීම, ආදී අංශ කෙරෙහි මූලිකත්වය ගෙන සද්කුමාර මහතා කටයුතු කරයි.

ඉයන් ෆර්ඩිනැන්ඩස් -ආයෝජන හා ව්‍යාපාර සංවර්ධන කළමණාකරු

වසර 2008 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හා එක්වු ඉයන් ෆර්ඩිනැන්ඩස් මහතා ඊට පෙර නැෂනල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම (NAMAL)හි ස්ථාවර සහ ආදායම් අරමුදල් කළමණාකරනයේ නිරත වී තිබේ.එමෙන්ම එහිදී ප්රා්ථමික ගණුදෙනුකරුවන්ගේ සබඳතා සහ වෙළඳ අවස්ථා සම්බන්ධයෙන් ද ෆර්ඩිනැන්ඩස් මහතා කටයුතු කර තිබේ. එම කාලසීමව තුළදී නව අරමුදල් අවස්ථා රැසක් පිළිබඳව හඳුන්වා දීම් සිදුකිරීමට ෆර්ඩිනැන්ඩස් මහතා සමත්විය. ඒ අතර මුදල් වෙළඳ පල අරමුදල සහ ෂරියා පදනම් කරගත් ඒකක අරමුදල් පිහිටුවීම විශේෂ වෙයි. NAMAL හි සේවය කිරීමට පෙර ඉයන් මහතා ප්ර මුඛ විනිමය හුවමාරු තැරැව්කාර ආයතනයක් වන ෆෝබ්ස් තැරැව්කාර සමාගමේ සේවය කර තිබේ.

ඉයන් ෆර්ඩිනැන්ඩස් මහතා මේ වනවිට සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හි ස්ථාවර ආදායම් අරමුදල, සහ නව ඒකක භාර අරමුදල් සහ ආයෝජන සැලසුම් සකස් කිරීමේ කාර්යයේ නිරතව සිටියි.

එක්සත් රාජධානියේ වරලත් අළෙවිකරුවෙක් වන ඒ මහතා e Marketing පිළිබඳව ඇමරිකානු සහතික ලාභියෙකි. ඉයන් ෆර්ඩිනැන්ඩස් මහතා ඔස්ට්රේ ලියාවේ ක්වීන්ස්ලන්ත සරසවියේ මුල්යි අංශයෙන් දර්ශනපති උපාධිය සඳහා මේ දිනවල සුදානම් වෙමින් සිටියි.

රජිත ඇලපාත මහතා - විධායක (ආයෝජන)

වසර 2015 දී සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට එක්වු රජිත ඇලපාත මහතා අභ්යනන්තර සමීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරයි. එමෙන්ම ආයෝජන ප්‍රතිපත්ති වල වැඩිදියුණු කිරීම්, ඒකක භාරකාර අරමුදල් සම්බන්ද වෙළඳ ක්‍රමෝපායන් ආදී කටයතු සම්බන්ධ වගකීම ද රජිත ඇලපාත මහතා විසින් දරයි.

සී බෑන්ක් හා එක්වීමට පෙර Entrust Securities PLC සහ Entrust whealth Management limited යන සමාගම් වල විධායක වරයෙක් කටයුතු කර තිබේ.එමෙන්ම ඔහු Capital trust Securities සහ HSBC යන ආයතන වල ද සේවය කර තිබේ.

ව්‍යාපාර පරිපාලන උපාධිධරයෙක් වන ඇලපාත මහතා ලන්ඩනයේ ග්‍රීන්විච් සරසවියේ ආර්ථි විද්යාල උපාධිධරයෙක් ද වෙයි. එමෙන්ම ඔහු මේ වනවිට කොළඹ සරසවියේ මුල්‍ය ආර්ථිකය සම්බන්ධයෙන් දර්ශනපති උපාධිය හදාරමින් සිටියි.

කාංචනා කරන්නාගොඩ - සහකාර අරමුදල් කළමණාකරු

කාංචනා කරන්නාගොඩ වසර 2005 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට එක්විය. ඒ අනුව ඇය මේ වනවිට ආයෝජන සමීක්ෂණ සහ අරමුදල් කළමණාකරණය සම්බන්ධයෙන් වසර 9ක අත්දැකීම් ඇය සතුය.

ඒකක භාරකාර අරමුදල් සඳහා ආයෝජන ප්රමතිපත්ති සහ වෙළඳ ක්‍රමෝපාය වැඩිදියුණු කිරීම, යනාදි වගකීම් දරන අතර අභ්‍යන්තර සමීක්ෂණ කටයතු පිළිබඳව වගකීම ද ඇයට පැවරී තිබේ. සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හා එක්වීමට පෙර ඇය යුනියන් ඇෂුවරන්ස් හි ආයෝජන අංශයේ සේවය කර තිබේ.

වරලත් ගණකාධිකාරි හා කළමණාකරණ ආයතනයේ (CIMA - UK)සාමාජිකාවක් වන කාංචනා කරන්නාගොඩ මෙනවිය වරලත් කළමණාකරන ගණකාධිකාරිවරුන්ගේ ගෝලීය ආයතනයේ ද සමාජාකාවකි.එමෙන්ම ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශේෂ ගෞරව උපාධිධාරිනියකි.

කවින්ද්‍යා අශෝකා - විධායක (ආයෝජන)

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ ආයෝජන විධායකවරියක් ලෙස කවින්ද්‍යා අශෝකා මෙනවිය කටයුතු කරයි. අරමුදල් කළමණාකාර වරයාට අරමුදල් කළමණාකරනය සහ දිනපතා ආයෝජනය සඳහා සහය වීම ඇයට පැවරී ඇති වගකීම වන අතර මීට අමතරව සමාගම සඳහා අභ්‍යන්තර සමීක්ෂණ කටයුතු වල ද ඇය නිරත වෙයි.

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම හා එක්වීමට පෙර ඇය LOLC Securities හි ලියාපදිංචි ආයෝජන උපදේශකවරියක් ලෙස සිය පාරිභෝගිකයින්ට විශ්ලේෂණාත්මක උපදෙස් සැපයීම ඇය විසින් සිදුකර තිබේ. තවද මීට පෙර ලංකා බැංකුවේද ඇය සේවය කර තිබේ.

කවින්ද්‍යා අශෝකා ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ මුල්‍ය කළමණාකරණ විද්‍යාවේදී විශේෂ ගෞරව උපාධිධාරිනියකි. එමෙන්ම ඇය CIMA - UK සුදුසුකම් ධාරිනියකි.

කලයිවානි ආරුමුගම් - විධායක (ආයෝජන)

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමේ ආයෝජන විධායකවරියක් ලෙස කලයිවානි ආරුමුගම් මෙනවිය කටයුතු කරයි. අරමුදල් කළමණාකාර වරයාට අරමුදල් කළමණාකරනය සහ දිනපතා ආයෝජනය සඳහා සහය වීම ඇයට පැවරී ඇති වගකීම වන අතර මීට අමතරව සමාගම සඳහා අභ්‍යන්තර සමීක්ෂණ කටයුතු වල ද ඇය නිරත වෙයි.

CIMA - UK සුදුසුකම් ධාරිනියක් වන කලයිවානි ආරුමුගම් වරලත් කලමණාකරණ ගණකාධිකාරී ගෝලීය ආයතනයේද සාමාජිකත්වය දරයි.කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිධාරිනියක් වන කලයිවානි ආරුමුගම් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හා සම්බන්ධවීමට පෙර BPO Connect (pvt) ltd හි ගිණුම් අංශයේසේවය කර ඇති අතර ඊට අමතරව echannelling PLC හි ගිණුම් විධායකවරියක් ලෙස කටයුතු කර තිබේ.

අනිකුත් ප්‍රමුඛ කළමණාකාර කණ්ඩායම

වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් වන අරමුදල් කලමණාකරන ඒකකයේ ජ්‍යෙෂ්ට සාමාජිකයින් ආයෝජන කළමණාකරණයේ නියමයන් අනුව යමින් දෛනිකව අයෝජන සමීක්ෂණ පවත්වමින් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

ඩබ් . ඩී. එෆ් විමලරත්ත මහතා - සාමාන්‍යාධිකාරි

2010 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට එක්වූ ඩබ්.ඩී.එෆ් විමරලත්න මහතා මේ වනවිට එහි සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම පරිපාලන කටයුතු, මානව සම්පත් කළමණාකරණය සහ අනුමැතිය ලබාදීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රමුඛ තැනක් ගෙන කටයුතු කරයි.

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හා එක්වීමට පෙර ලංකා බැංකුවේ විවිධ අංශවල වසර 40 ක පමණ කාලයක් සේවය කර ඇති විමලරත්න මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස විශ්‍රාම ගනිමින් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හි සාමාන්‍යාධිකාරි තනතුරට පත්ව තිබේ. ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන විමලරත්න මහතා බැංකු කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමා ධාරියෙකි.

එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ව්‍යාපාර හා මුල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලවක් ද හදාරා ඇත.

රවින්ද්‍ර හෙට්ටිආරච්චි මහතා - කළමණාකරු - මුදල්

ගිණුම් ඒකකයේ ප්‍රධානියා වන්නේ රවින්ද්‍ර හෙට්ටිආරච්චි මහතා ය.සමාගමේ සියලු ගිණුම් කටයුතු සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ හෙට්ටිආරච්චි මහතා වෙත ය.

වසර 15ක් පුරා ගිණුම්කරණ ආයතනය අත්දැකීම් ලබා ඇති රවින්ද්‍ර හෙට්ටිආරච්චි 2000 වසරේදී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හා එක්විය.ඊට පෙර ඒ මහතා Ernast & Young -Srilanka හි ජ්‍යෙෂ්ට ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කර තිබේ. හෙට්ටිආරච්චි මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර කළමණාකරණ විශේෂ විද්‍යාවේදී උපාධිය ලබාගත්තේ ශ්‍රී ජයවර්ධන පුර සරසවියෙනි.

හෙට්ටිආරච්චි මහතා ශ්රීා ජයවර්ධන පුර විශ්වවිද්යාලලයේ උපාධිධරයෙක් වන අතර කළමණාකරණ විශේෂ විද්යාආවේදී උපාධිය ලබාගත්තේ කැලණියසරසවියෙනි.

ඔහුද වරලත් ගණනකාධිකාරීවරුන්ගේ ආයතනයේ (ICASL)හි සාමාජිකයෙකි.

කුමුදු කැකිරිදෙණිය මහතා- කළමණාකරු - වෙළඳ

සී බෑන්ක් ඇසෙට් මැනේජජ්මන්ට් හි වෙළඳ අංශයේ ප්‍රධානියා වන්නේ කුමුදු කැකිරිදෙණිය මහතාය. වසර 2008 දී සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට එක්වූ ඒ මහතා මුල්‍යම හා පාරිභෝගික භාණ්ඩ අලෙවි සහ වෙළඳ ක්ෂේත්‍රයේ වසර 20 කට වඩා පළපුරුද්දක් සහිත අයෙකි.

කැකිරිදෙණිය මහතා ආයෝජකයින් ප්‍රවර්ධනය කිරීම, දැනුවත්කිරීමේ වැඩසටහන් සහ දැන්වීම් කළමණාකරණය මෙන්ම ඒකක භාර අරමුදල්වල අලෙවිය වර්ධනය කිරීම යන වගකීම් දරයි. වරලත් වෙළඳ ආයතනයේ (CIM) (UK) සුදුසුකම්ලාභී කිරින්දෙණිය මහතා වෙළඳ කළමණාකාරීත්ව ආයතනයේ සාමාජිකයෙකි.

ඩොරීන් ෂෙරීනා මෙනවිය - රෙජිස්ටාර්

රෙජිස්ටාර් දෙපාර්තාමේන්තුවේ වසර 11 කට අධික පළපුරුද්දක් සහිත ඩොරින් ෂෙරීනා මෙනවිය සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් හි රෙජිස්ටාර් පදවිය දරයි. ඇය මීට පෙර වණික් ඇසෙට් මැනේජ්මන්ට් හි විධායකවරියක් ලෙස සේවය කර තිබේ.

අවධානම් කළමණාකරණය සහ අනුකූලතාව

ආයතනයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අරමුදල් දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් ඇතුළු ආයෝජන කමිටුව නිතිපතා රැස්වන අතර පසුව Unit trust of India හා එක්ව අරමුදල් කළමණාකරනය සහ ආයෝජනය පිළිබඳ තීරණ ගනීම සිදුකරයි. මෙහිදී අයෝජන සැලසුම් සකස් කිරීම, මුදල් වෙන්කිරීම ආදී කටයුතු ද සිදුකෙරේ.

අනුකූලතා නිලධාරියා ඒකක භාර අරමුදල් ආයෝජනය පිලිබඳව සීමාවන් සලකුණු කෙරෙන අතර එම සීමාවන් සළකුණු කිරීම ව්‍යවස්ථාපිත අවශ්‍යතා අනුව සිදුකෙරේ. එමෙන්ම මෙම සළකුණු කිරීම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නිර්දේශ වලට අනුකූල විය යුතුය. එමෙන්ම අනුකූලතා නිලධාරියා විසින් මෙම ඒකක බාර අරමුදල් පිළිබඳව කළමණාකාරීත්වය ගන්නා තීරණ පිළිබඳව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට දැන්විය යුතුය.

අභ්‍යන්තර ආයෝජන ගැනුම් සහ විකිණුම් ආදියෙන් ආරක්ෂා වීම සඳහා අනුකූලතා නිලධාරි විසින් ආයෝජන පිළිබඳව නිරීක්ෂණය කරන අතර කළමණාකරුවන් ගේ අලෙවි ඉලක්ක සපුරා ඇති ද යන්න පිළිබඳව ද නිරීක්ෂණය කළ හැකිවෙයි.

වෙළඳ හා බෙදාහැරීම් ජාලය

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සිය මව් සමාගම වන ලකා බැංකුව සතුව ඇති අද්විතීය ශාඛා ජාලය ඔස්සේ ඒකක භාර අරමුදල සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සිදුකරයි. මෙම ලංකා බැංකු ශාඛා ජාලයට අමතරව සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම ද ප්‍රදේශ කිහිපයක ශාඛා ගණනාවක් පවත්වාගෙන යයි.

සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට සමාගමේ ලංකාබැංකු නියෝජිතත්වය ඉහළ යාමත් සමඟ ලංකා බැංකුව මෙලෙස ඒකක භාරකාර අරමුදල් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ කේන්ද්‍රස්ථාන බවට ලංකා බැංකු ශාඛා පත්විය. එමෙන්ම මෙම සබඳතාව මඟින් වඩා වැඩි පාරිභෝගික පහසුවක් සැලසීමට හැකිවනවා සේම,ලංකා බැංකුව හා එක්ව මෙම මෙහෙයුම පුළුල් කිරීමට ද අවස්ථාව සැලසෙයි.

අරමුදල් කළමණාකරනය

සුරැකුම්පත් හාවිනිමය කොමිෂන්සභාව විසින් සී බෑන්ස් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම නියාමනය කෙරේ.එමෙන්ම ඒකක භාරකාර අරමුදල් කළමණාකරණය කිරීම සඳහා සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍රයක් ලබාදී තිබේ. එම බලපත්‍රය මඟින් පාරිභෝගිකයින්ගේ ආයෝජන කළමණාකරනය කිරීම සහ ලියාපදිංචි කිරීම ආදිය සියල්ල සිදුකෙරෙන්නේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ ය.ඒඅනුව ආයෝජන කළමණාකරන කාර්යය සුරැකුම්පත් හා කොමිෂන් සභාවේ නියාමනයන්ට අනුකලව සිදුකෙරේ.

අවධානම්කාරී අයෝජන පවත්වාගෙන යන්නන්ට සහ අළුතින් ආයෝජනය කිරීමට සුදානමින් සිටින්නන්ට සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම ඒකක භාරකාර අරමුදල තුළ අවස්ථාව ලබාදී තිබේ.

2015 දෙසැම්බර් වාර්තාවලට අනුව දළ වත්කම් වටිනාකම
ඒකක භාරකාර අරමුදල අරමුදලේ වර්ගය ස්වභාවය වසර  
සී බෑන්ක් ඒකක භාරය* සමානයි වීවෘත අවසාන 1992 5,553
සී බෑන්ක් සෙන්චරි වර්ධනය වී ඇත විවෘත අවසාන 1997 1,223
සී බෑන්ක් සේවිං ප්ලස් මුදල් වෙළඳ පළ විවෘත අවසාන 2009 2,200
සී බෑන්ක් සුරැකුම් ආදායම් - උපරිම වටිනාකම් විවෘත අවසාන 2010 702
සී බෑන්ක් ග්ලිට් එජ් ආදායම් - උපරිම වටිනාකම විවෘත අවසාන 2013 508
ඒකක භාරකාර අංශයේ වත්කම් 10,589
වෙනත් නම් සඳහන් නොවන ආයෝජන 1,945
කළමණාකරණය යටතේ තිබු සම්පුර්ණ වත්කම් 12,131
*ශ්‍රී ලංකාවේ විශාලතම සම කොටස් අරමුදල

Risk Return Profile of the Unit Trust Funds