අපගේ නිෂ්පාදන සහ සේවා

පුද්ගල වශයෙන් සහ ආයතනය වශයෙන් ආයෝජනය කරන්නන් ගේ අවශ්‍යතා විවිධ වෙයි. ඇතැම් ආයෝජකයින් ඉහල ප්‍රාග්ධන වර්ධනයක් අපේක්ෂා කරයි.මේ අතර තවත් පිරිසක් ස්තාවර ආදායමක් අපේක්ෂා කරයි.අවදානම් සහගත අවස්ථාවලදී ආයෝජකයින්ට සිය ප්‍රාග්ධනය රැකගැනීමට අවශ්‍ය වෙයි. මුල්‍ය කළමණාකරණය සහ බදු කෙරෙහි බලපාන ආයෝජන එලෙස පවතින අවශ්‍යතා අතුරින් සමහරකි.

අපගේ නිෂ්පාදන සහ සේවා විසින් පාරිභෝගිකයාට තමන්ගේ අවශ්‍යතාවට සරිලන අවස්ථාවක් තෝරාගැනීමේ පහසුව සඳහා පහත ආකාරයට වර්ගීකරණය කර ඇත.

සීබෑන්ක් ඒකක භාරකාර අරමුදල

ආයෝජනය කිරීමට පෙර පහත කරුනු සළකා බලන ලෙස ඉල්ලා සිටිමු

  • මුදල් ආයෝජනය කිරීමේ සහ ප්‍රතිඵල අපේක්ෂා කිරීමේ අරමුණ කුමක් ද?
  • ඔබට අවධානම දරාගත හැකිද ? (ඔබ සතු ධනය ක්‍රමයෙන් අඩුවීම දෙස බලා සිටිය හැකි ද?)
  • ඔබට ස්ථාවර ආදායමක් අවශ්‍ය ද?
  • කොතරම් කාලයක් ආයෝජනය තබාගත හැකි ද? (ඔබට ද්‍රවශීලතාව අවශ්‍ය ද?)

පහත සටහන ඔබේ බලාපොරොත්තු සහ අපේක්ෂා වලට සුදුසු ආයෝජන ක්‍රමය තෝරාගැනීම සඳහා වැදගත් වනු ඇත.

අරමුදලේ නම සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල සී බෑන්ක් ඒකක භාරකාර අරමුදල සී බෑන්ක් සේවින්ග්ස් ප්ලස් මුදල් වෙළඳ පල අරමුදල සී බෑන්ක් සුරැකුම් ග්ලිට් එජ් සී බෑන්ක් ග්ලිට් එජ් අරමුදල (A)
ආයෝජන අරමුණප‍්‍රාග්ධන වර්ධනයප‍්‍රාග්ධන වර්ධනය හා ආදායමඋපරිම ආදායමප්‍රාග්ධන සුරැකුම් සහ ආදායම් ප්‍රාග්ධන සුරැකුම් සහ ආදායම්
ආපසු බලාපොරොත්තුඋපරිමමධ්‍යම සිට උපරිමමධ්‍යම අවම සිට මධ්‍යම අවම සිට මධ්‍යම
අවධානම් බැරෝමීටරයඋපරිමමධ්‍යම සිට උපරිම අවම සිට මධ්‍යම අවම අවම
අරමුදල් වර්ගයවර්ධනසමානමුදල් වෙළෙඳපොළග්ලිට් එජ් ග්ලිට් එජ්
ආදායම (ලාභාංශ) වාර්ෂිකවාර්ෂිකඅර්ධ වාර්ෂිකවඅර්ධ වාර්ෂිකව අර්ධ වාර්ෂිකව
නිර්දේශිත ආයෝජන කාලය දිගුකාලීනමධ්‍යම හා දිගුකාලීන කෙටි කාලීන කෙටි මධ්‍යම කාලීනව කෙටි මධ්‍යම කාලීනව
අවම මූලික අයෝජනයරු.5,000/-රු.1,000/-රු.10,000/-රු.10,000/- රු.10,000/-
ද්‍රවශීලතාවයදවසේ පවතින මිලට අනුව වැඩකරන දිනයක් තුළ මුදල් බවට පරිවර්තනය කරගත හැකිය

ඒ ඒ අරමුදල පිළිබඳව වැඩිදුර තොරතුරු වෙන වෙනම දැනගැනීමට පහත ලැයිස්තුවෙන් ඒ ඒ අරමුදල ක්ලික් කරන්න

අරමුදල පිළිබඳව තීරණය කළ පසු ආයෝජනය කිරීම පිළිබඳව දැනගන්න

සී බෑන්ක් ආයෝජන සැළසුම්

සීබෑන්ක් ආයෝජන සැලසුම් සමාකාර ආයෝජන සහ තනි පුද්ගල ජීවන රටාවන්ට සහ ආයෝජන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සකසා තිබේ. ජීවිතයේ ආර්ථික ඉලක්ක ආයෝජනය තුළින් ජයගැනීමට සහ අනාගතය යහපත් කර ගැනීමට මෙම ආයෝජන සැලසුම් වලදී අවස්ථාව හිමිවෙයි. විවාහ මංගල්‍යය, විශ්‍රාම යාම, සිහින නිවහන සහ දරුවන්ගේ අධ්‍යාපනය යනාදී ජීවිතයේ සියලු අවශ්‍යතාවලදී ඔබේ ආර්ථික ඉලක්ක ජයගැනීම සහසු කරවීම සඳහා මෙම ආයෝජන සැලසුම් සකසා තිබේ.

Cey MIP (Cebank monthly Invest Plans) සමාකාර ආයෝජන සැලසුමක් වන අතර එම ආයෝජනය ඔබේ කැමැත්ත පරිදි (කොටස්, භාණ්ඩාගාර බිල්පත්, යනාදී වශයෙන්) තෝරා ගැනීමට අවස්ථාව ලබාදී තිබේ. එමගින් ආයෝජන සැලසුම් හතරක ලක්ෂණ මිශ්‍ර කර ඔබට අවශ්‍ය ආයෝජන විසඳුම ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

(Cey MIP පිළිබඳව වන විස්තර පත්‍රිකාව කියවන්න)

ඔබට ගැලපෙන ආයෝජන සැලසුම ඔබේ අවශ්‍යතාව අනුව සකසා ගන්න අමතන්න - 94117602007 කුමුදු