සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්න

  • ඒකක භාරකාර අරමුදලක් යනු කුමක්ද?

    ඒකක භාරකාර අරමුදලක් යනු ආයෝජකයින් ගේ සහ වෙනත් ගිණුම් ලැයිස්තු වල මෙන්ම ආරක්ෂිත තැන්පතු වලින් සැදුම් ලත් මුදුල් සංචිතයකි.මෙම සංචිතය සදහා විවිධ ආයෝජකයින් විසින් අරමුදල් සම්පාදනය කරයි.මෙ අරමුදලේ මුදල් විවිධ අංශයන් වල ආයෝජනය කිරීම සිදු‍කෙරේ.ඒවා කොටස්,ණයකර,භාණ්ඩාගාර බිල්පත් සහ මුල්‍ය වෙළද පල වශයෙන් ආයෝජනය කෙරේ. මෙහිදී ආයෝජනය සිදුකරන ස්වරූපය ඒ ඒ ආයෝජකයා ඉදිරිපත් කරන ඉල්ලීමට අනුව සිදුවෙයි. එලෙස ආයෝජනය කිරීමෙන් පසු ආයෝජකයා ලාභාංශ, පොලිය ආදී වශයෙන් ආදායම් ලබාගනියි. මෙම ප්‍රතිලාභ වල ස්වභාවය එක් එක් ආයෝජකයා ආයෝජනය කර ඇති මුදලට අනුව වෙනස් වෙයි.

  • ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක් යනු කුමක් ද?

    ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක් අරමුදල් කළමණාකරණය මුලික කාර්යය කරගෙන කටයුතු කරයි.දෛනිකව කොටස් අලෙවි කිරීම් , ගිණුම්කරන වාර්තා ලබාගැනීම්, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒ පිළිබඳ තීරණ ගැනීම සිදුකරන ආයතනයයි. ඇසෙට් මැනේජ්මන්ට් සමාගමක ප්‍රධාන කාර්යයන් අතර

    • අරමුදල් කළමණාකරණය
    • අලෙවි සහ වෙළඳ
    • මෙහෙයුම් සහ ගිණුම්කරන

    උදා- සීබෑන්ක් ඒකක් භාර අරමුදල යනු සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගමයි.

  • භාරය

    කළමණාකරුවන්ගෙන් සැදුම්ලත් නිදහස් ආයතනයක් වන මෙහිදී දෛනික කටයුතු නිරීක්ෂණය කිරීම සිදුකරයි.විශේෂයෙන් නියාමන අවශ්‍යතා සපුරාලමින් ඒකක නිර්මාණය කිරීම සහ අවලංගු කිරීම සිදුකෙරෙනනේ මෙම අංශය තුළිනි.

    උදා- සී බෑන්ක් ඒකක භාරකාර අරමුදලේ භාරය ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කරයි.

  • ඒකක භාර අරමුදල් සංකීර්ණ වල විවිධතා මොනවාද?

    ඒකක භාර අරමුදල් පහත ආකාරයට වර්ගීකරණය කළ හැකිය.

    සැලසුම අනුව

    විවෘත අවසන් අරමුදල් - මෙහිදී ආයෝජකයින්ට තමන් කැමති ආකාරයට ඒකක් මිළදී ගැනීම් සහ අලෙවි කිරීම් සිදුකළ හැකිය. මේ සඳාහා ස්ථාවර කල්පිරීමේ කාලයක් නොමැත.

    ආවෘත අවසන් අරමුදල - නිශ්චිත කල්පිරීමේ කාලයක් සහිත මෙම අරමුදලේ අයෝජකයින්ට අයෝජනය කළ හැක්කේ නම් කරන ලද කාල සීමාවේ පමණි.

    ආයෝජන අරමුණ අනුව

    වර්ධන අරමුදල් - වර්ධන අරමුදල මාධ්‍ය හා දිගු කාලීන ලාභ අපේක්ෂා වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.ඉක්මනින් ලාභ ලැබීමකට වඩා තම ආයොජනය කරන මුදල ද ආරක්ෂා කර ගනිමින් ලාභ ලැබීමට මෙය සුදුසු ක්‍රමයකි.

    තුලන අරමුදල් - වර්ධනය සහ සමාකාර ආදායම් යන දෙකෙහි තුලනයක් ලෙස මෙම අවස්ථාව දැකිය හැකිය. ඇතැම් ක්‍රම අනුව උපයන මුදල් වලින් කොටසක් ස්ථාවර සහ ද්‍රවශීලතාවයෙන් ඉහළ යන අංශ දෙකෙහිම ආයෝජනය කෙරේ.මෙම ක්‍රමය ආදායම සහ වර්ධනය පිළිබඳ උනන්දු වන ආයෝජකයින්ට කදිම අවස්ථාවකි.

    Income Funds : The main aim of income funds is to provide current income at low levels of risk. The funds are suitable for investors who require a regular income.

  • ප්‍රකාශ පත්‍රයක් යනු කුමක් ද?

    අරමුදල් ආයෝජකයින් පිලිබඳව තොරතුරු ඇතුළත් ලියවිල්ලක් වන මෙය ආයෝජනය කිරීමට පෙර තමන් සිදුකිරීමට යෝජිත ආයෝජනය සම්බන්ධයෙන් පුර්ව තොරතුරු දැනැගැනීම සඳහා පහසු වෙයි.එහි පහත තොරතුරු ඇතුළත් වෙයි.

    • අරමුදලේ ස්වභාවය
    • අයකිරීම් සහ ගාස්තු
    • අරමුදලේ ආයෝජන අරමුන
    • ඇසෙට් මැනේජ්මන්ට් සමාගම සහ භාරය
    • ආයෝජන ක්‍රමෝපාය සහ සීමා
    • අවධානම් කරුණු සහ විස්තර
    • ආයෝජන කළමණාකරනය සහ හානි පුර්ණය
    • ලාභාංහ බෙදාදීම
    • ඒකක හිමිකරුවන්ගේ අයිතීන්
    • වෙනත් සේවා
  • දළ වත්කම් වටිනාකම යනු කුමක් ද? (NAV)

    දල වත්කම් වටිනාකම යනු අරමුදලේ දළ වත්කම් වල සියලු වටිනාකමයි.සෑම වෙළඳ දිනයකදීම අවසානයේ මෙය ගණනය කරනු ලබයි.

    ඒකකයක මිල සෑම දිනකම නිවේදනය කර අතර එම මිල තීරණය වන්නේ මෙම දළ වත්කම් වටිනාකම අනුවය.

  • ලාභාංශ යනු මොනවාද?

    ඒකක භාර අරමුදලට වෙළඳ ගණුදෙනු වලින් යම් ආදායමක් හිමිවෙයි. මෙම අදායම සිට ඒකක කොටස්කරුවන් වෙත බෙදා දීම ලාභංශ ලෙස හැඳින්වෙයි. බොහෝවිට මෙම ලාභාංශ එම අරමුදලෙහිම යළි ආයෝජනය කිරීම සිදුකෙරේ. වාර්ෂිකව මෙම ලාභාංශ බෙදීම සිදුකෙරෙයි.

  • ඒකක භාර අරමුදල්වල ආයෝජනය කිරීම ආරක්ෂිත ද ?

    එක් එක් අරමුදල් වල ආයෝජනය කිරීමේ ආරක්ෂිත භාවය විවිධ වෙයි.එය නිරතුරුවම ආයෝජනයේ අරමුන සමඟ බැඳී පවතී.අවධානම අවම ගනයට වැටෙන ආයෝජන සාමාන්‍ය ආයෝජන වන අතර ඒවා ද්‍රවශීලතාවයෙන් ඉහලය. කොටස්වෙළඳ පළට සම්බන්ධ ආයෝජන පිළිබඳ ආරක්ෂාකාරීත්වයක් අපේක්ෂා කළ නොහැකි අතර ආයෝජකයින් අවධානම් දැරීම ට සුදානම් විය යුතු වෙයි.

  • ඒකක භාර අරමුදල් වල අවධානම කුමක්ද?

    සමකොටස් අරමුදල් විවෘත වෙළඳපලේ අවධානමට ලක්වෙයි.කොටස් වෙළඳපලේ මිල උච්චාවචනයන් සිදුවන එම තත්වයන්ට මුහුන දීමට සිදුවේ.මිල අඩු වනවිට අවදානමක් හිමිවනවා සේම මිල ඉහල යන විට එහි ප්රුතිලාභ ද අත්විඳිය හැකිවෙයි.

  • ඒකක භාරකාර අරමුදලේ වාසි මොනවාද?
    • ඔබේ මුදල් කළමනාකරනය කිරීම පළපුරුදු අත්දැකීම් සහිත වෘත්තිකයින් පිරිසක් විසින් සිදුකිරීම
    • ඔබේ මුදල් විවිධ සමාගම් විශාල ප්‍රමාණයක එකවර ආයෝජනය කෙරෙන නිසා අවධානම් දැරීමට ඇති ඉඩකඩ අඩුවීම
    • ඔබේ මුදල් ඉතා ද්‍රවශීලතාවයෙන් ඉහළ වීම නැතහොත් ඉක්මනින් මුදල් බවට පත්කර ගැනීමට ඇති හැකියාව
    • අවම අවධානමක් සහිතව ආයෝජනය කරන මුදල මද්යම හා දිගු කාලීන ආයෝජන මගින් වඩා වැඩි ප්‍රතිලාභ අත්විදීමට ඇති හැකියාව
    • සමස්ථ වෙළඳ පල සම්බන්ධයෙන්ම සමීක්ෂණ සිදුකරමින් ආයෝජනය කරන නිසා එම සමීක්ෂණ වියදම වීශාල පිරිසක් අතර බෙදී යාම මඟින් සමීක්ෂණ සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම වීම
    • මනා විනිවිදභාවයකින් සහ උසස් තත්වයෙන් ඒකක භාරකාර අරමුදලේ මෙහෙයුම් සිදුකෙරෙන නිසා තොරතුරු රැසක් මත පදනම්ව ආයෝජන තීන්දු ගැනීමට ඇති හැකියාව
    • ඔබටම ගැලපෙන ඒකක අරමුදලක් තෝරාගැනීමට ඇති ඉඩකඩ
    • ආයෝජකයාගේ සුරක්ෂිත භාවය ඉලක්ක කරගනිමින් විවිධ මිනුම් ඔස්සේ වෙළඳ පල නියාමනයක් සිදුවීම
  • ඒකක භාරකාර අරමුදල් වල ආරක්ෂණ නැවත ලබාගත හැකි ද ?

    ආරක්ෂණ නවැත ලබාගත නොහැක

  • ඒකක භාරකාර අරමුදලෙන් මුදල් උපයන්නේ කෙසේ ද?

    ඒකක හිමිකරුවන් වෙත ආයෝජනයේ ලාභාංශ සහ ඒකක වල මිල ඉහළ යාම යන ක්රලම දෙක යටතේ මුදල් ලබාගත හැකිය.

  • ඒකක භාර අරමුදල් වල ආයෝජනය කිරීමෙන් බදු වාසි ලබාගත හැක්කේ කෙසේ ද?

    ලාභාංශ සහ ඒකක ලාභ යන සියල්ලම බදු වලින් නිදහස් වෙයි

  • ඒකක භාර අරමුදලේ ආයෝජනය කළ යුත්තේ කවුද?

    සෑම ආකාරකම ආයෝජකයින්ට ඒකක භාර අරමුදල විවෘත වෙයි.ඒ ඒ ආයෝජක අරමුණු සඳහා විවිධ වු අරමුදල් ඒකක භාර අරමුදල සතු වෙයි. අවධානම් දැරිය හැකි තරුණ ආයෝජකයින්ට වුව ඒකක භාර අරමුදලේ ආයෝජනය කළ හැකි අතර දිගු කාලීන ආයෝජනය තුළින් වැඩි ප්‍රතිලාභ අත් විඳිය හැකිය.එලෙස ප්‍රතිලාභ අත්විඳීමට නම් වර්ධනය වන අරමුදල් ක්‍රමයක් තෝරා ගැනීම සුදුසු වෙයි.

    අවධානම් දැරීමට අකමැති වයස්ගත ආයෝජකයින් වෙනුවෙන් ස්ථාවර ආදායමක් ලැබෙන අරමුදල් ක්‍රම සී බෑන්ක් සතුවන අතර ඒ අතුරින් තමන්ට ගැලපෙන ආයෝජන විසඳුම තෝරා ගත හැකිය.ඒ සඳහා මාධ්‍ය කාලීන සමබර ආයෝජන ක්‍රමයක් තෝරා ගැනීම වඩා සුදුසු වෙයි. එමෙන්ම මැදි වයසේ ආයොජකයින්ට තම මුදල් ආදායම් අරමුදලේ සහ වර්ධන අරමුදලේ ආයෝජනය කළ හැකි අතර එමඟින් ආදායම් වර්ධනය සහ ප්‍රාග්ධන වර්ධනය යන ඉලක්ක දෙකම සපුරා ගත හැකිවෙයි.

  • කුඩා පරිමාණ ආයෝජකයින්ට ඒකක භාරකාර අරමුදල සුදුසුද?

    ඒකක භාරකාර අරමුදල කුඩා පරිමාණයේ ආයෝජකයින්ට වඩා සුදුසු වෙයි. ප්‍රධානතම හේතුව වන්නේ කුඩා පරිමාණයේ ආයෝජකයින් සතුව නොමැති වෙළඳපල විශ්ලේෂන සිදු කිරීමේ පහසුකම් ඒකක භාර අරමුදල් පවත්වාගෙන යන ආයතන සතු වන නිසා එම දත්ත පිළිබඳව අවධානය යොමු කර සිය ආයෝජනයේ උපරිම ප්‍රතිඵල ලැබිය හැකිවේ.වෙළඳ පල විශ්ලේෂණ පිලිබදව කුඩා ප්රරමාණයේ ආයෝජකයින් දැනුවත් කිරීමට ඒකක භාර අරමුදල නිරන්තරයෙන් ක්‍රියා කරයි.