ආයෝජනය කරන්නේ කෙසේද?

දේශිය තනි      ආයතනික      විදේශිය ආයෝජකයින්

දේශිය තනි ආයෝජකයින්

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම විසින් ආයෝජකයාගේ කැමැත්ත පරිදි ආයෝජනය කිරීමට පුළුල් අවස්ථාවක් සලසා දෙන අතර එහිදී තම ජීවන රටාවට ගැලපෙන ආයෝජන අවශ්‍යතාව සහ ආයෝජන සැලසුම සකස් කර ගත හැකිවේ.

නව ආයෝජකයින්

1. සීබෑන්ක් අරමුදලේ ගිනුමක් අරඹන්න

(ඔබ තෝරාගන්නා සෑම සැලසුමක් සඳහාම වෙන වෙනම අයදුම් පත්‍රයක් සම්පුර්ණ කරන්න)
අයදුම් පත්‍රය මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.

පහත සඳහන් ලියකියවිලි අයදුම් පත සමඟ යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි.

  • ජාතික හැඳුනුම්පත‍්‍රයේ හෝ ගමන් බලපත‍්‍රයේ ඡයාපිටපතක්
  • කුඩා දරුවෙක් නම් උප්පැන්න සහතිකයේ පිටපතක් සහ දෙමව්පිය / භාරකරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත
  • ආයතනික අයදුම් කරුවන් බලයලත් නිලධාරීන්ගේ අත්සන සහිතව ලිපියක් යොමුකළ යුතු වෙයි.

සම්පුර්න කරන ලද අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම
54/සී1, වෝඞ් පෙදෙස
කොළඹ-07.

2. ගෙවීම්

පහත සඳහන් ක්‍රමවලින් ගෙවීම් සිදුකළ හැකිය

  • සෘජු ප්‍රේෂණ - සෘජුව මුදල් යොමු කිරීම් ලංකා බැංකුවේ මෙට්රො පොලිටන් ශාඛාවේ සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ගිණුම් අංක 8223 ට යොමු කළ හැක
  • මුදල් ගෙවීම් - කොළඹ 07 , වෝඩ් පෙදෙසෙහි අංක 54/C1 දරන ස්ථානයේ පිහිටි සීබෑන්ක් කාර්යාලයට හෝ ඕනෑම ලංකා බැංකු ශාඛාවක දී සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම ගිණුම් අංක 8323 යොමු කළ හැකිය. (මුදල් ගෙවීම කළ පසු අදාල ලදුපත එම අයදුම්පත සමඟ එවීම අත්‍යවශ්‍ය වෙයි.
  • චෙක්පත් ගෙවීම් - සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම නමට ලියන ලද චෙක්පතකින් මුදල් ගෙවිය හැකිය.

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම
54/සී1, වෝඞ් පෙදෙස
කොළඹ-07.

ලිපිනයට යොමු කරන්න.

වත්මන් ආයෝජකයින්

මේ වන විට වෙනත් කිසියම් හෝ අරමුදලක ආයෝජනය කර ඇති ඕනෑම ආයෝජකයෙකුට අදාල මුදල පමණක් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම වෙත ගෙවීමෙන් පසුව ආයෝජනයට සම්බන්ධ විය හැකිය.

විදේශික ආයෝජකයන්

විදේශිකයින් ඒකක භාර අරමුදලේ ආයෝජනය කිරීම

ශ්‍රී ලංකා රජයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය විසින් නේවාසික නොවන දේශිය හා විදේශික පාර්ශවයන්ට ද ඒකක භාරයේ ආයෝජනය කිරීමට අවස්ථාව පිරිනමන අතර විදේශිය ආයෝජකයින් Securities Investment Account (SIA) විශේෂ ගිණුමක් මඟින් ඒකක භාරකාර වල ආයෝජනය කළ හැකිය.

ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය

1. Securities Investment Account (SIA) ගිණුමක් ඇරඹීම

ශ්‍රී ලාංකික නොවන ඕනෑම ආයෝජකයෙක් ඒකක භාරයේ ආයෝජනය කිරීමට පෙර පිළිගත් වාණිජ බැංකුවක Securities Investment Account (SIA) ගිණූමක් ඇරඹිය යුතු වෙයි. එම ගිණූම ඇරඹීමත් සමඟ විදේශිය ආයෝජකයින්ට මෙරට ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත. මෙහිදී අදාල ආයෝජකයා මෙරට බදු හා විනිමය පාලන කොන්දේසි වලට යටත්ව ක්‍රියා කළ යුතුවෙයි.

ලංකා බැංකුවේ Securities Investment Account (SIA) එක ආරම්භ කිරීම ඉතා පහසු කර තිබේ.

කළමනාකරු,
ලංකා බැංකු පුද්ගල ශාඛාව
පළමු මහල, ප‍්‍රධාන කාර්යාලය
කොළඹ-01, ශී‍්‍ර ලංකාව.
දුරකතන: + 94 11 2321174 ෆැක්ස් : + 94 11 2391980
විද්‍යුත් තැපෑල :boc681@boc.lk

SIA ගිනුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු මෙම ලින්ක් එකෙන් ලබාගත හැකිය.
http://web.boc.lk/index.php?route=product/category&path=87_331_332

2. සී බෑන්ක් අරමුදල් අයදුම්පත සම්පූර්ණ කරන්න.

තනි පුද්ගල / ආයතනික - ඩවුන්ලෝඩ් කරගන්න

අයදුම්පත සම්පුර්ණ කරන්න
බැංකු තොරතුරු - SIA ගිණුමෙහි තොරතුරු මේ යටතේ සඳහන් කළ යුතු අතර ලාභාංහ සහ අනිකුත් මුදල් සියල්ල මෙම ගිණුමට බැර වනු ඇත.

සෑම අයදුම්පතක් සමඟම පහත ලියකියවිලි අමුණා එවීම අත්‍යවශ්‍ය වෙයි

  • තනි පුද්ගල / බද්ධ ගිණුම් - ගිණුම් හිමියාගේ හෝ ගිණුම් හිමියන්ගේ පාස්පොර්ට් පිටපත්
  • කුඩා දරුවන් සඳහා වන ගිණූම්- දරුවන්ගේ උප්පැන්න සහතිකය සහ දෙමව්පිය භාරකරු ගේ පාස්පොර්ට් පිටපතක්
  • ආයතනික ගිණුම් - ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය,ව්‍යාපාරයේ ව්‍යවස්ථාව, අධ්‍යක්ෂ වරුන්ගේ පාස්පොර්ට් වල පිටපත්.

3. SIA ගිණුම මගින් සමබ්න්ධ වන බව සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැන්වීම

SIA ගිණුම ඔස්සේ සියලු ගණුදෙනු සිදුකරන මෙන් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම වෙත ලිඛිතව දැන්විය යුතු වෙයි. ඉන්පසු ශ්‍රී ලාංකික බැංකුවක ඔබ විසින් අරමා ඇති SIA ගිණුම ඔස්සේ ගණුදෙනු කිරීම ආරම්භ කළ හැකිය.

4. SIA ගිණුමට අරමුදල් සම්පාදනය කිරීම

ඔබ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල SIA ගිණුමට යොමුකර ඒ පිළිබඳව ඊ මේල් හෝ ෆෑක්ස් මඟින් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැන්විය යුතුවෙයි. තමන් සීබෑන්ක් අරමුදලේ ආයෝජනය කිරීමට කැමති මුදල ආදී තොරතුරු එම ෆැක්ස් හෝ ඊ මේල් පණිවිඩයේ සටහන් කර තිබිය යුතුය.

ඔබ සෘජුවම සීබෑන්ක් අරමුදලට ආයෝජනය කරන මුදල යොමු කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව තම SIA ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැන්විය යුතුය. ඒඅනුව ලංකා බැංකුවේ සීබෑන්ක් අසෙට් මැනේජ්මන්ට් සමාගම ගිණුම් අංක 8223 දරණ අංකයට යොමු කළ යුතුය.

5. මුදල් ආපසු ගැනීම්

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැනුම් දීම

මුදල් ආපසු ගැනීමේ උපදෙස් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත ඊ මේල් හෝ ෆැක්ස් මඟින් දැන්විය යුතුය. මෙම උපදෙස් සහිත රිසිට් පතෙහි සඳහන් තොරකුරු අනුව ඔබේ ආයෝජනයෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔබේ SIA ගිණුමට තැන්පත් කෙරේ.

6. SIA ගිණුමෙන් මුදල් ලබාගැනීම

SIA ගිණුම අරඹා ඇති මෙරට බැංකුවට සීබෑන්ක් වෙකින් මුදල් ලැබුණු විගස ඔබ විසින් සපයා ඇති ඔබගේ පෞද්ගලික ගිණුම් අංකයට එම මුදල් යොමුකරන ලෙස ශ්‍රී ලංකික SIA ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම්දෙන්න.

ආයතනගත ආයෝජකයින්

ආයතනගත ආයෝජකයින්ටද සීබෑන්ක් ඒකක භාරකාරීත්වයේ හෝ ගිණුම් ලැයිස්තු කළමණාකරන සේවා (Portfolio management)වල ආයෝජනය කිරීමට ආයතනික ආයෝජකයින්ටද අවස්ථාව පිරිනමා තිබේ.

ගිණුම් ලැයිස්තු කළමණා කරණ (Portfolio management) සේවාවේ විශේෂතා කිහිපයක් පහත දැක්වෙයි.

  • ගිණුම් ලැයිස්තු කළමණාකාරණය ආයෝජකයින්ගේ ආයෝජන මැනවින් කළමණාකරණය කරමින් ඒවායේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.
  • පාරිභෝගික අවශ්‍යතාව අනුවම සැකසෙයි
  • පාරිභෝගිකයාට සිය කැමැත්ත පරිදි තමන්ට කැමති අරමුල් කළමනාකාරුවෙක් තෝරාගත හැකි අතර එම කළඹණාකරු විසින් සියලු ගිණුම් ලැයිස්තු කළමණාකරණය සිදුකරයි.
  • සෑම ගිණුම් ලයිස්තු කළමණාකරණ සේවා ලබාගන්න සේවාදායකයෙකුට ම විශේෂ සැලකිල්ලක් දැක්වීම.
  • එකඟතාවේ සඳහන් කරුනු අනුව අඛණ්ඩ නිරීක්ෂණය
  • වාර්තා පාලනය කරමින් ශක්‍යතාව ගණනය කිරීම

තනි පුද්ගල ආයෝජන

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම විසින් ආයෝජකයාගේ කැමැත්ත පරිදි ආයෝජනය කිරීමට පුළුල් අවස්ථාවක් සලසා දෙන අතර එහිදී තම ජීවන රටාවට ගැලපෙන ආයෝජන අවශ්‍යතාව සහ ආයෝජන සැලසුම සකස් කර ගත හැකිවේ.


විදේශික ආයෝජකයන්

ශ්‍රී ලංකා රජයේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය විසින් නේවාසික නොවන දේශිය හා විදේශික පාර්ශවයන්ට ද ඒකක භාරයේ ආයෝජනය කිරීමට අවස්ථාව පිරිනමන අතර විදේශිය ආයෝජකයින් Securities Investment Account (SIA) විශේෂ ගිණුමක් මඟින් ඒකක භාරකාර වල ආයෝජනය කළ හැකිය.

ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතුය

1. Securities Investment Account (SIA) ගිණුමක් ඇරඹීම

ශ්‍රී ලාංකික නොවන ඕනෑම ආයෝජකයෙක් ඒකක භාරයේ ආයෝජනය කිරීමට පෙර පිළිගත් වාණිජ බැංකුවක Securities Investment Account (SIA) ගිණූමක් ඇරඹිය යුතු වෙයි. එම ගිණූම ඇරඹීමත් සමඟ විදේශිය ආයෝජකයින්ට මෙරට ආයෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත. මෙහිදී අදාල ආයෝජකයා මෙරට බදු හා විනිමය පාලන කොන්දේසි වලට යටත්ව ක්‍රියා කළ යුතුවෙයි.

ලංකා බැංකුවේ Securities Investment Account (SIA)එක ආරම්භ කිරීම ඉතා පහසු කර තිබේ.

කළමනාකරු,
ලංකා බැංකු පුද්ගල ශාඛාව
පළමු මහල, ප‍්‍රධාන කාර්යාලය
කොළඹ-01, ශී‍්‍ර ලංකාව.
දුරකතන: + 94 11 2321174 ෆැක්ස් : + 94 11 2391980
විද්‍යුත් තැපෑල : boc681@boc.lk

SIA ගිනුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරුතුරු මෙම ලිනක් එකෙන් ලබාගත හැකිය.

http://web.boc.lk/index.php?route=product/category&path=87_331_332

2. සීබෑන්ක් අරමුදල් අයදුමපත සම්පුර්ණ කරන්න

තනි පුද්ගල / ආයතනික - ඩවුන්ලෝඩ් කරගන්න

අයදුම්පත සම්පුර්ණ කරන්න
බැංකු තොරතුරු - SIA ගිණුමෙහි තොරතුරු මේ යටතේ සඳහන් කළ යුතු අතර ලාභාංහ සහ අනිකුත් මුදල් සියල්ල මෙම ගිණුමට බැර වනු ඇත.

සෑම අයදුම්පතක් සමඟම පහත ලියකියවිලි අමුණා එවීම අත්‍යවශ්‍ය වෙයි

  • තනි පුද්ගල / බද්ධ ගිණුම් - ගිණුම් හිමියාගේ හෝ ගිණුම් හිමියන්ගේ පාස්පොර්ට් පිටපත්
  • කුඩා දරුවන් සඳහා වන ගිණූම්- දරුවන්ගේ උප්පැන්න සහතිකය සහ දෙමව්පිය භාරකරු ගේ පාස්පොර්ට් පිටපතක්
  • ආයතනික ගිණුම් - ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය, ව්‍යාපාරයේ ව්‍යවස්ථාව, අධ්‍යක්ෂ වරුන්ගේ පාස්පොර්ට් වල පිටපත්.

3. SIAගිණුම මගින් සමබ්න්ධ වන බව සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැන්වීම

SIA ගිණුම ඔස්සේ සියලු ගණුදෙනු සිදුකරන මෙන් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම වෙත ලිඛිතව දැන්විය යුතු වෙයි. ඉන්පසු ශ්‍රී ලාංකික බැංකුවක ඔබ විසින් අරමා ඇති SIA ගිණුම ඔස්සේ ගණුදෙනු කිරීම ආරම්භ කළ හැකිය.

4. SIA ගිණුමට අරමුදල් සම්පාදනය කිරීම

ඔබ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල SIA ගිණුමට යොමුකර ඒ පිළිබඳව ඊ මේල් හෝ ෆෑක්ස් මඟින් සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැන්විය යුතුවෙයි. තමන් සීබෑන්ක් අරමුදලේ ආයෝජනය කිරීමට කැමති මුදල ආදී තොරතුරු එම ෆැක්ස් හෝ ඊ මේල් පණිවිඩයේ සටහන් කර තිබිය යුතුය.

ඔබ කෙලින්ම සීබෑන්ක් අරමුදලට ආයෝජනය කරන මුදල යොමු කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව තම SIA ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැන්විය යුතුය. ඒඅනුව ලංකා බැංකුවේ සීබෑන්ක් අසෙට් මැනේජ්මන්ට් සමාගම ගිණුම් අංක 8223 දරණ අංකයට යොමු කළ යුතුය.

5. මුදල් ආපසු ගැනීම්

සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත දැනුම් දීම
මුදල් ආපසු ගැනීමේ උපදෙස් සීබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් වෙත ඊ මේල් හෝ ෆැක්ස් මඟින් දැන්විය යුතුය. මෙම උපදෙස් සහිත රිසිට් පතෙහි සඳහන් තොරකුරු අනුව ඔබේ ආයෝජනයෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔබේ SIA ගිණුමට තැන්පත් කෙරේ.

6. SIAගිණුමෙන් මුදල් ලබාගැනීම

SIA ගිණුම අරඹා ඇති මෙරට බැංකුවට සීබෑන්ක් වෙකින් මුදල් ලැබුණු විගස ඔබ විසින් සපයා ඇති ඔබගේ පෞද්ගලික ගිණුම් අංකයට එම මුදල් යොමුකරන ලෙස ශ්‍රී ලාංකික SIAගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම්දෙන්න.